අපේ උරුමය

උඩවලව වනෝද්‍යානය 3
උඩවලව වනෝද්‍යානයේ සංචාරය පිළිබදව සටහන් දෙකක් ගෙන ඒමෙන් පසු, මෙම සටහන මගින් වනෝද්‍යානය තුළ පිහිටි සංචාරක බංගලා පිළිබදව හා කදවුරු බිම් පිළිබදව තොරතුරු ගෙන ඒමට අදහස් කරමු. උඩවලව වනෝද්‍යානය පිළිබදව පළමු සටහන මගින් උඩවලව වැව හා ඒ ආශ්‍රිත බිම පිළිබදව සංචාරක සටහනක් ගෙන ආ අතර, දෙවන සටහන වෙන් කරන ලද්දේ උඩවලව ජලාශ්‍රයෙන් ඔබ්බට වූ මව්ආර දක්වා ප්‍රදේශය පිළිබදව සංචාරක සටහන් සදහා වේ. මෙසේ විශාල වපසරියක් පුරා විහිදී ඇති වනෝද්‍යානය තුළ සංචාරකයන්ට වෙනස්ම වූ අත්දැකීමක් අත් විදීම සදහා සකස් කර ඇති සංචාරක බංගලා හා කදවුරු බිම් ගනනාවක්ද දැකිය හැකි වේ. මෙම ලිපිය මගින් ඒ පිළිබදව තොරතුරු ගෙන ඒමට අදහස් කරමු.

ගෝනවිද්දගල බංගලාවට වැව දිස්වන අයුරු

උඩවලව ජලාශයේ වනෝද්‍යානය දෙසට වන්නට සකස් කර ඇති අලංකාර සංචාරක නිවාසයක් ලෙස ගෝනවිද්දගල හැදින්විය හැකි වේ. තුන් පැත්තකින්ම ජලංශයෙන් වටවී ඇති ගොඩබිම් කුට්ටියක් මත මෙම සංචාරක බංගලාව ඉදිකර ඇත. තට්ටු දෙකක නිවාසයක් ලෙස සකස් කර ඇති මෙම බංගලාවට සවස් කාලයේදී වැව දෙසින් ලැබෙන දර්ශනය සිත ආකර්ශනය කරන්නකි. ජලය සිදී ගිය කාලයට වැව් පිටිය දෙසට ඇවිද යා හැකි වුවද, වැව ජලයෙන් පිරී යාමත් සමග බංගලාව අසලටම වැව් ජලය පිරී යයි. නගරයේ කර්කෂ පරිසරයෙන් මිදී නිදහස් නිවාඩුවක් ගත කිරීම සදහා මෙම සංචාරක බංගලාවන් කදිම ස්ථානයන්ය.

වැව් පිටියේ සිට සංචාරක බංගලාව දිස්වන අයුරු

මෙම සියළු සංචාරක බංගලාවන් 10 දෙනෙකුට නවාතැන් ගත හැකි පරිදි පහසුකම් වලින් සමන්විත වන ලෙස සකස් කර ඇත. එලෙසම කදවුරු බිම් ද 10 දෙනෙකුට නවාතැන් ගත හැකි වන පරිදි සකස් කර ඇත.

ගෝනවිද්දගල බංගලාවෙන් පිටත්වී වනෝද්‍යානය තුළට ගමන් කිරීමේදී අපට හමුවන තවත් සංචාරක බංගලාවක් වන්නේ සීනුග්ගල සංචාරක බංගලාවයි. පැරණි ගම්මානයක් වන සීනුග්ගල වනෝද්‍යානය පිහිටුවීමෙන් පසු කැලයට නතු වී තිබේ. එහි කුඩා වැවක් ආශ්‍රිතව මෙම සංචාරක බංගලාව සකස් කර ඇත. පෙර ගමක්ව පැවති කාලයේදී වගා කරන ලද පොල් ගස් කීපයක් හා පැරණි ලිදක්ද මේ සංචාරක බංගලාව ආසන්නයේ දක්නට ලැබේ. මෙම සෑම සංචාරක බංගලාවකම විවේකීව ගත කිරීම සදහා පුටු කීපයක් ඇති අතර, කෑම මේසයක් හා මදරු දැල් සමග ඇදන් 10 ක්ද සූදානම් කර ඇත. මෙවැනි වනගත පරිසරයකදී වුවද ඉතාමත් හොද මට්ටමින් සනීපාරක්ෂක පහසුකම්ද සංචාරකයන් වෙනුවෙන් සකස් කර ඇති අතර, සූර්ය බලයෙන් විදුලිය පහසුකම්ද සකස් කර ඇත. සංචාරකයින් විසින් පිසීම සදහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන ආ යුතු අතර, ඒවා සකස් කර දීම සදහා ඉතා පළපුරුදු බංගලා භාරකරුවෙකු මෙම සෑම සංචාරක නිවාසයකම සිටී.

සීනුග්ගල වැව හා සංචාරක බංගලාව

සීනුග්ගල සංචාරක බංගලාව

සීනුග්ගල සංචාරක බංගලාව

මෙම සංචාරක බංගලා දෙකම සකස් කර ඇත්තේ වැව් පිටිය මත වන අතර, අප මීලගට ලගා වූයේ වනෝද්‍යානය තුළින් ගලා බසින වලවේ ගඟට මුහුනදා සකස් කර ඇති එලිමහන් කදවුරු බිමක් වෙතයි. අලිමංකඩ නමින් හදුන්වනු ලබන මෙම කදවුරු බිම වෙන් කරනු ලබන්නේද උපරිම 10 දෙනෙකුගෙන් සමන්විත වන කණ්ඩායමක් සදහා පමණක් බව වනෝද්‍යානයෙන් දැන ගන්නට ලැබුනි.

අලිමංකඩ කදවුරු බිම

එසේම ඉන්පසු අප ගමන් ගත්තේ මෙම වනෝද්‍යානය තුළ වලවේ ගඟට මුහුණ දා සකස් කර ඇති එකම සංචාරක බංගලාව වන වෙහෙරගොල්ල සංචාරක බංගලාව වෙතයි. මෙම වනෝද්‍යානයේ අනෙකුත් සියළුම සංචාරක බංගලාවන් වැවක් වෙත මුහුන දා සකස් කර ඇති අතර, මෙම වෙහෙරගොල්ල සංචාරක බංගලාව පමණක් වලවේ ගඟට මුහුණ දා සකස් කර ඇත.

වෙහෙරගොල්ල සංචාරක බංගලාව

වෙහෙරගොල්ල සංචාරක බංගලාව

මෙම සංචාරක බංගලාවෙහිද පෙර සදහන් කර ඇති පරිදිම 10 දෙනෙකු සදහා පහසුකම් සහිතව සකස් කර ඇත. සියළුම සංචාරක බංගලාවන් කාමර දෙකකින් යුක්තව හා ඊට අමතරව විවෘත කොට‍සක ඇදන් සහිතව සකස් කර ඇත.

පංසදාර කදවුරු බිම

ඊලගට අප පැමිණියේ වලවේ ගං ඉවුරේ සකස් කර ඇති මනා ඉඩ පහසුකම් වලින් සමන්විත වන කදවුරු බිමක් අසලටයි. පංසදාර ලෙස නම් කර ඇති මෙම කදවුරු බිම වලවේ ග‍ඟෙහි ඉතා අලංකාර ස්ථානයක සකස් කර ඇත. මෙම සංචාරය තුළ අපට හමුවූ අලංකාරම හා කදිම කදවුරු බිම ලෙස මෙම පංසදාර කදවුරු බිම හදුන්වා දිය හැකියි.

පංසදාර කදවුරු බිම

පංසදාර කදවුරු බිම අසල වලවේ ගග

මෙම කදවුරු බිම් වලින් බොහොමයක් කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් මෙන්ම උඩවලව කාර්යාලයෙන්ද වෙන් කර ගත හැකි බව දැනගන්නට ලැබුනි. නමුත්, සංචාරක බංගලා වෙන් කර ගන්නේ නම්, ඒ සදහා කොළඹ ප්‍රධාන කාර්යාලයම සම්බන්ධ කර ගත යුතු බව විශේෂයෙන්ම සදහන් කල යුතු කරුණකි. දේශීය සංචාරකයන්ට 10 දෙනෙකු සදහා වූ කදවුරු බිමක් සාමාන්‍යයෙන් රු. 3000 කට පමණ මුදලක් ගෙවීමෙන් වෙන් කරගත හැකි වන අතර, සංචාරක බංගලාවක් රු. 6000 ත්, 7000 ත් අතර මුදලක් ගෙවීමෙන් 10 දෙනෙකු සදහා වෙන් කර ගත හැකි බව දැනගන්නට ලැබුනි. මේ පිළිබදව වැඩිදුර තොරතුරු කොළඹ ප්‍රධාන කාර්යාලය 0112-888585 අංක‍ය ඔස්සේද, උඩවලව කාර්යාලය 047-3475892 අංකය ඔස්සේද ඇමතීමෙන් ලබා ගත හැකි බව වනෝද්‍යානයේ කාර්යාලයෙන් දැනගන්නට ලැබුනි. උඩවලව වනෝද්‍යානයේ අසිරිය නැරඹීමට පැමිණෙන අයකුට එහි කදිම අත්දැකීමක් ලබා ගැනීමට නම් වනෝද්‍යානය තුළ රැයක් ගත කල යුතුය යන්න මාගේ හැගීමයි. මෙම සංචාරක බංගලා හා කදවුරු බිම් වනෝද්‍යාන සංචාරකයන්ට කදිම අත්දැකීමක් ලබා ගැනීමට හැකි ස්ථානයන් වේ.

උඩවලව වනෝද්‍යානය 2
උඩවලව වනෝද්‍යානය තුළට පිවිසෙන සංචාරකයෙකුට ප්‍රධාන පිවිසුම තුළින් ඇතුළු වීමෙන් පසුව වනෝද්‍යානය තුළ නැරඹිය හැකි වපසරිය අති මහත්ය. පළමු ලිපිය මගින් උඩවලව වැවෙහි වැව් පිටිය  ආශ්‍රිතව හා ඒ අවට සංචාරක තොරතුරු වලින් ඔබ්බට ගමන් කිරීමේදී නැරඹිය හැකි ස්ථාන පිළිබදව තොරතුරු මෙම ලිපිය මගින් ගෙන ඒමට අදහස් කරමි.

උඩවලව වැවෙහි වැව් පිටියෙන් ඔබ්බට තැනිතලා බිම හරහා ගමන් කිරීමේදී ඉතා සුන්දර පරිසර පද්ධතියක් දැකගත හැකිය. තැනිතලා තණ බිමෙහි ඉතා ඈතින් තනිව පිහිටා ඇති ගසක් දෙකක් හැරුණු කොට වෙනත් උස් ස්ථාන කිසිවක් දැක ගැනීමට නොමැත.

තැනිතලා බිම හරහා ගමන් කිරීමේදී ඉතා සුන්දර පරිසර පද්ධතියක් ...

උඩවලව වැව් පිටියෙන් ඔබ්බට ගමන් කල පසු අපට රථයෙන් බිමට බැස අවට නැරඹිය හැකි ස්ථානයක් වන්නේ ගෝනවිද්දගල සංචාරක බංගලාවට ආසන්නයේ පිහිටි ගල් තලාවයි. ඔබට මෙම ස්ථානයේ වාහනයෙන් බැස අවට නැරඹිය හැකිය. මෙම ස්ථානයට උඩවලව ජලාශයේම ඉහල කොටසක් හොදින් දර්ශනය වේ.

ගෝනවිද්දගල සංචාරක බංගලාවට ආසන්නයේ පිහිටි ගල් තලාව

වනෝද්‍යානය ඇරඹීමට පෙර මෙහි පැවති පැරණි ගම්මාන වල සීනුග්ගල, මුවන්පැලැස්ස වැනි ගම්මාන දැන් වනෝද්‍යානයට අයත් වන අතර, එම ගම්මානයන්හි ශේෂ අදද දක්නට ලැබේ. වනෝද්‍යානය තුල පිහිටි වෙහෙර මංකඩ හා වෙහෙර ගොල්ල යන ස්ථානයන්හි නටඹුන් ගොඩනැගිලි හා ගල් කණු කොටස් හමු වී ඇත. වනෝද්‍යාන මායිමේ පිහිටි කල්තොට හා සදගිරිය යන ප්‍රදේශ අතීතයේ රාජධානි වශයෙන් පැවතී ඇති බවට සාධක හමු වන අතර, සදගිරියේ දළදා මාලිගාවක්ද පැවති බව පුරාවිද්‍යා නිදර්ශක අනූව පෙනි යයි.  එවකට ගොවිතැනට භාවිතා කල සීනුග්ගල වැව, මුවන් පැලැස්ස වැව, දන්ගහ වැව, කුඩා වැව, බුරුතගොල්ල වැව, තේක්ක වැව ආදී වැව් අද වන විට සතුන්ගේ පරිහරණය සදහා යොදා ගනී.

මෙම වැව් බොහොමයක් නියං කාලයේදී සිදී යන අතර ...

මෙම වැව් බොහොමයක් නියං කාලයේදී සිදී යන අතර, වැව් කිහිපයක පමණක් ජලය රදා පවතී. මෙම ජලය රදා පවතින වැව් වෙත ජලය බීම සදහා පැමිණෙන අලි ඇතුන් නිතර දැකගත හැකි වේ. රංචු වශයෙන් මෙසේ වැව් වෙත ඇදී එන අලි ඇතුන් කැලයට යාමට පෙර ජලයට අමතරව දූවිලි වලින්ද තම ශරීරය සරසා ගනු අපට දක්නට ලැබුනි. උද්‍යානය තුළට ගමන් කිරීමේදී රංචු වශයෙන් මෙන්ම තනි තනිව වාසය කරනා අලි ඇතුන්ද තැනින් තැන දැක ගැනීමට හැකි වේ.

රංචු වශයෙන් මෙසේ වැව් වෙත ඇදී එන අලි ඇතුන් ...

තනි තනිව වාසය කරනා අලි ඇතුන්ද දැක ගැනීමට හැකි වේ.

මව්ආර ආශ්‍රිතව පවතින ගල් අමුණ ජලාශයද බොහෝ දුරට ජලය සිදී දිය පහර පමණක් වන තරමට සිදී ගොස් ඇති ආකාරය නියං සමයේදී දැකගත හැකිය.  අභ්‍යන්තර කුඩා වැව් ආශ්‍රිතව රැදී ඇති ජලය සමග කුළු හරක් රංචු වශයෙන් සිටිනු දක්නට ලැබේ.

ගල් අමුණ ජලාශයද බොහෝ දුරට ජලය සිදී ...

කුළු හරක් රංචු වශයෙන් සිටිනු දක්නට ලැබේ.

මෙම වනෝද්‍යානය ආශ්‍රිතව ශාක විශේෂ 94 ක්, මත්ස්‍ය විශේෂ 21 ක්, උභය ජීවීන් විශේෂ 12 ක්, උරග විශේෂ 33 ක්, පක්ෂි විශේෂ 184 ක් (සංක්‍රමණික පක්ෂීන් විශේෂ 33 ක්) සහ ක්ෂීරපායි සත්ව විශේෂ 43 ක් වාර්තා වී ඇති බව සටහන් වේ. මීට අමතරව සමනලුන් විශේෂ 135 ක් පමණ හමුවී ඇත. මේ අනුව පෙනී යන්නේ මෙම වනෝද්‍යානය සත්ව සම්පත අතින් ඉතා පොහොසත් වනොද්‍යානයක් බවයි.

සත්ව සම්පත අතින් ඉතා පොහොසත් වනොද්‍යානයක් බව ...

මෙම සත්වයින් අතරින් අලියා සුවිශේෂි ස්ථානයක් හිමිකර ගනී. අලි ඇතුන් 800 කට අධික ප්‍රමාණයක් මෙහි වාසය කරන බව සදහන් වේ. ඒ අතුරින් දළ ඇතුන් 8 ක් පමණ වන බව සදහන්ය.

අලි ඇතුන් 800 කට අධික ප්‍රමාණයක් මෙහි වාසය කරන බව ...

මීට අමතරව හමුවන සතුන් අතුරින් ගෝනා, තිත්මුවා, වැලිමුවා, මීමින්නා, වල් ඌරා, කුළු හරකා වැනි සතුන් ප්‍රධාන තැනක් ගනී. රිලවා, වදුරා, හාවා වැනි සතුන්ද උද්‍යානය තුළ දැක ගැනීමට හැකි සතුන් අතර වේ. දිවිහා හා වලහාද මෙහි වසන නමුත් දැක ගැනීමේ අවස්ථා දුර්ලභ බව පැවසේ. වලි කුකුලා, මොණරා, උකුස්සන්, රාජාලියන් මෙන්ම කොකුන් වර්ග ගනනාවක්ද මෙහි දැක ගැනීමට හැකි වේ. පක්ෂි වර්ග ගනනාවක්ම උද්‍යානය තුළදී දැකගත හැකි වන අතර, මොණරුන්ගේ රංගනයන් අපට ඉතා අලංකාර දර්ශනයක් ගෙන දේ.

පක්ෂි වර්ග ගනනාවක්ම උද්‍යානය තුළදී දැකගත හැකි වන අතර ...

මොණරුන්ගේ රංගනයන් ඉතා අලංකාර දර්ශනයක් ගෙන දේ.

මෙසේ උද්‍යානය අභ්‍යන්තරයේ සුන්දරත්වය නිසි ලෙස දැක ගැනීමට නම් ඉතා දුෂ්කර මාර්ග ඔස්සේ අභ්‍යන්තරය වෙත ගමන් කල යුතු වේ. උද්‍යානයේ අභ්‍යන්තර ප්‍රධාන මාර්ග පද්ධතිය බොහෝ දුරට ප්‍රතිසංස්කරණය කර ඇති අතර, අතුරු මාර්ග ඔස්සේ අභ්‍යන්තරයට ගමන් කිරීමට නම් රළු භාවිතයට ඔරොත්තු දෙන වාහනයක ගමන් කිරීම වඩාත් යෝග්‍ය බව පැවසිය යුතුමය.

ඉතා දුෂ්කර මාර්ග ඔස්සේ අභ්‍යන්තරය වෙත ගමන් කල යුතු වේ.

පෙර සදහන් කල පරිදි මෙම වැව් සිදී ගිය පසු එම වැව් පිටියෙහි ගමන් කිරීමේදී අපට ඉතා අලංකාර පරිසර දර්ශනයක් දැකගත හැකි වේ. වැව් පිටිය ඉතා අලංකාර වන අතර, වැවට මැදි වූ පැරණි ගස් අතරින් ගමන් කිරීමේදී ඉතා සුන්දර පරිසරයක් දැකගත හැකි වේ.

වැවට මැදි වූ පැරණි ගස් අතරින් ගමන් කිරීමේදී ඉතා සුන්දර පරිසරයක් ...

එසේම මෙසේ සිටිනා අලි පරපුර ඇතුළු සතුන් ස්වාභාවික ලෙස මිය ගිය පසු එම ශරීරය ස්වාභාවික ලෙසම පරිසරයට එක්වීමට ඉඩ සැලසීම පරිසර පද්ධතිය තුළිත වීම සදහා හේතු වන්නකි. ස්ථාන කිහිපයකම එවැනි දර්ශනයන්ද දැක ගැනීමට අපට හැකි විය.

මිය ගිය පසු එම ශරීරය ස්වාභාවික ලෙසම පරිසරයට එක්වීමට ඉඩ සැලසීම

සවස් කාලය වන විට බොහෝ සතුන් දිය සොයා වැව් පිටිය වෙත පැමිණීම සුලභ දසුනකි. මෙසේ දිය සොයා පැමිණෙන අලි ඇතුන් අතර සිටිනා කුඩා අලි පැටවුන්ගේ දගකාර ක්‍රීඩාවන් අප සිත්හි සුන්දර දසුන් ඇති කරයි.

කුඩා අලි පැටවුන්ගේ දගකාර ක්‍රීඩාවන් ...

මෙම පරිසර පද්ධතිය හෙට පරපුරටද උරුම කර දීම සදහා වන ජීවී මාර්ගෝපදේශක රුවන් මහතාගේ ටී ෂර්ටයෙහි තිබූ වැකියක් මෙහි සදහන් කිරීම වඩාත් උචිත යැයි සිතමි. “ඡායාරූපයක් හැර කිසිවක් රැගෙන නොයන්න. පා සටහනක් හැර කිසිවක් තබා නොයන්න”.

"ඡායාරූපයක් හැර කිසිවක් රැගෙන නොයන්න. පා සටහනක් හැර කිසිවක් තබා නොයන්න"

වනගත සංචාරයන්හි අක්දැකීම් ඇළුම් කරන ඔබට උපකාරී වන මෙම උද්‍යානය තුළ පිහිටි සංචාරක බංගලා සහ කදවුරු බිම් පිළිබදව වෙනම ලිපියක් මගින් තොරතුරු ගොණු කිරීමට අපේක්ෂා කරමි.

උඩවලව වනෝද්‍යානය 1
උඩවලව වනෝද්‍යානය සබරගමුව හා ඌව පළාත් වලින් මායිම් වී ඇති මෙරට තෙවැනි වැඩිම සංචාරක වනෝද්‍යානය ලෙස හදුන්වයි. කොළඹ – ඇඹිලිපිටිය මාර්ගයේ කිලෝ මීටර් 165 ක් ගමන් කර තිබොල්කැටිය උඩවලව හංදියෙන් හැරී වමට හැරී මොණරාගල පාරේ තවත් කිලෝමීටර් 05 ක් පමණ ගමන් කිරීමෙන් මේ උද්‍යානයට ප්‍රවේශ විය හැකිය. වලව ගඟ හා උඩවලව ජලාශ්‍රය ව්‍යාපාරය ඇරඹීමත් සමග 1972 වසරේදී ආරම්භ කල මෙම වනෝද්‍යානය හෙක්ටයාර් 30000 කට වැඩි භූමි ප්‍රමාණයක පැතිරී ඇත. දවසේ ඕනෑම කාලයක අලි ඇතුන් නැරඹිය හැකි උද්‍යානයක් ලෙස මෙම වනෝද්‍යානය ප්‍රසිද්ධියක් උසුලයි. අලින්ට මෙන්ම ජලජ ජීවීන්ටද මෙම වනෝද්‍යානය වැදගත් භූමි භාගයකි.

වැව් බැම්ම මතින් පිවිසුම් දොරටුව කරා ගමන් කිරීමේදී ...

උඩවලව තිබොල්කැටිය හංදියෙන් හැරී මොණරාගල පාරේ ගමන් කිරීමේදී උඩවලව ජලාශ්‍රයේ වැව් බැම්ම මතින් ගමන් කල යුතු වේ. ඉතා අලංකාර පරිසර දර්ශනයන්ගෙන් සමන්විත මෙම වැව් බැම්ම මතින් ගමන් කිරීමෙන් පසු උද්‍යාන පිවිසුම් දොරටුව වෙත ලගා විය හැකිය. මෙම ප්‍රධාන මාර්ගය ආසන්නයේ වනෝද්‍යානයේ විදුලි වැට ආසන්නයේ නිතර අලි ඇතුන් කිහිප දෙනෙක් දක්නට ලැබේ.

මාර්ගයේ ගමන් කරන්නන් ආහාර දීමට පුරුදුවීම හේතුවෙන් ...

මාර්ගයේ ගමන් කරන්නන් විසින් ආහාර ලබා දීමට පුරුදු වීම හේතුවෙන් මෙසේ වනයේ වෙසෙන අලි ඇතුන් කිහිප දෙනෙකු මාර්ගයේ වැට ආසන්නයට පැමිණීමට පුරුදු වී සිටිති. විදුලි වැට පිළිබදව මනා වැටහීමක් ඇති මෙම අලි වැටට සමීප නොවීමට හොදින් වග බලා ගන්නා බව අපට නිරීක්ෂණය විය.

වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ඇතුළු වූ පසු අපට වන ජීවී දෙපාර්තමේන්තුවේ කාර්යාලය ‍දක්වා ගමන් කල හැකිය. එහිදී නියමිත ගාස්තුව ගෙවා ප්‍රවේශපතක් ලබා ගැනීමෙන් පසු වනෝද්‍යානය තුළට ප්‍රවේශ විය හැකිය. අලි ඇතුන් පිළිබදව මෙන්ම සමස්ථ වනෝද්‍යානය පිළිබදවත් එහි ශාඛ හා සත්ව ප්‍රජාව පිළිබදවත් හොද අවබෝධයක් ලබා ගැනීමට මෙම කාර්යාලයේ ඇති ප්‍රදර්ශන ඒකකය මහඟු උපකාරයක් වේ. වනෝද්‍යානයට පිවිසීමේදී සෑම අවස්ථාවකම දෙපාර්තමේන්තුවේ මග පෙන්වන්නෙකුගේ සහාය ඔබ වෙත ලබා දීමට ඔවුන් ක්‍රියා කරන අතර, එම උපදෙස් තරයේ පිළිපදිමින් උද්‍යානය තුළ සැරිසැරීමට සෑම විමට මතක තබා ගත යුතු වේ.

උද්‍යාන පිවිසුම

කාර්යාලය තුළ ඇති තොරතුරු මධ්‍යස්ථානය

වැඩි වශයෙන් තැනිතලා භූමියකින් සමන්විත වන මෙම උද්‍යානය වම් පසින් වලවේ ගඟ මෙන්ම දකුණු පසින් මව් ආරද මැදිව පිහිටා ඇත. වම් පසින් උඩවලව ජලාශයත් දකුණෙන් මව්ආර හා බැදි ගල් අමුණ වැවටත් අතිරේක වශයෙන් උද්‍යානය තුළ කුඩා වැව් ගනනාවක් පිහිටා තිබේ. වසරේ ඔක්තෝම්බර් සිට ජනවාරි දක්වා සහ මාර්තු සිට මැයි දක්වා වැසි කාලය වන අතර, අපගේ සංචාරක සටහන සදහා පාදක කරගෙන ඇත්තේ හොදින් පායා ජලාශ්‍ර සිදී ගොස් ඇති කාලයකි.

ඉතා අලංකාර පරිසරයක් ඔස්සේ ...

මෙහි සංචාරය කිරීමේදී උඩවලව වැවෙහි වැව් පිටිය අවට ප්‍රදේශය සතුන් ගනනාවක් දැකගත හැකි ප්‍රදේශයකි. ඉතා අලංකාර පරිසරයක් ඔස්සේ ප්‍රධාන මාර්ගයෙන් වමට ඇති අතුරු මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමෙන් වැව් පිටිය වෙත ගමන් කල හැකිය. අප මෙහි සංචාරය කලේ වර්ෂාව අඩු වියලි කාලයක බැවින් වැව සිදී ගොස් වැව් පිටියේ බොහෝ දුරක් දක්වා ගමන් කිරීමට හැකියාව ලැබුනි. එම වැව් පිටියේ පැරණි ගල් කණු දක්නට ලැබුණු අතර, එය අපට පෙරදා මෙම ප්‍රදේශය ඉතා සශ්‍රීක සමජායක් පැවති බවට ලක්ෂණ පෙන්නුම් කරන්නක් විය.

එම වැව් පිටියේ පැරණි ගල් කණු දක්නට ලැබුණු අතර ...

වැව් පිටියේ ඇති දිය කඩිති හා දිය පාරවල් ආශ්‍රිතව මාළුන් දඩයමේ යෙදෙන පෙලිකන් කුරුල්ලන් මෙන්ම තාරාවන්ද දැක ගන්නට හැකිය. වැවෙහි ජලය බොහෝ සේ සිදී ගොස් ඇති කාලයට සියළු සතුන්ට මෙම ඉතිරි ජලය ඉතා වැදගත් සාධකයක් බවට පත් වේ.

මාළුන් දඩයමේ යෙදෙන පෙලිකන් කුරුල්ලන් මෙන්ම තාරාවන්ද ...

අප මෙහි ප්‍රවේශ වන විට වැවෙහි ජලය අඩි 10 කට වැඩි ප්‍රමාණයක් පහත බැස ඇති ආකාරය වැවෙහි ඉතිරි වී ඇති පැරණි ගස් වල කදන් වලින් දැකගත හැකි විය. උදෑසන කාලයේ වුවද මෙම වැව් පිටිය වෙත ගමන් කරන්නෙකුට ජලය සොයා වැව කරා ගමන් කරන අලි කිහිප දෙනෙකු දැකගැනීමට හැකිය.

වැවෙහි ජලය අඩි 10 කට වැඩි ප්‍රමාණයක් පහත බැස ඇති ආකාරය ...

දිය කඩිති වල ආහාර සොයන පක්ෂී විශේෂ ගනනාවක් ...

ජලය ආසන්නයට යත්ම කිඹුලන් කිහිප දෙනෙකුද ...

එසේම මෙම ඉතිරි වී ඇති දිය කඩිති වල ආහාර සොයන පක්ෂී විශේෂ ගනනාවක් මෙම වැව් පිටිය ආශ්‍රිතව දැක ගැනීමට අවස්ථාව හිමි වේ. වැසි කාලයට වඩා බොහෝ දුරකට පායන කාලයේදී වැව් පිටිය මතින් ගමන් කල හැකි වන අතර, වැසි සමයේදී මෙතරම් වැව් පිටිය මත ගමන් කිරීමේ අවස්ථාව නොලැබී යන්නේ වැව ජලයෙන් පිරී යාම හේතුවෙනි. මෙම වැවෙහි ජලය ආසන්නයට යත්ම කිඹුලන් කිහිප දෙනෙකුද දැක ගැනීමේ අවස්ථාව බොහෝ විට සංචාරකයකුට අහිමි වන්නේ නැත. ගොදුරක් ඩැහැ ගැනීම‍ට හෝ වෙනත් හේතුවක් නිසා හෝ වැව් පිටිය මත බලා සිටින කිඹුලන් කිහිප දෙනෙකු මෙම වැව් පිටියට දුර්ලභ දසුනක් නොවේ.

අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම එතරම් නුවනට හුරු නොවන්නකි

කිසිදු හේතුවක් නිසා හෝ උද්‍යානය තුළ අවසර ලත් ස්ථානයක මිස ගමන් ගන්නා රථයෙන් බැසීම නොකල යුත්තකි. එය සෑම අවස්ථාවකම ඔබගේ ආරක්ෂාව සදහා වැදගත් වේ. එසේම පළපුරුදු රියදුරන් නොමැතිව හා අනාරක්ෂිත හා අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම එතරම් නුවනට හුරු නොවන්නකි. එවැනි අවස්ථාවක් දුටුවහොත් උපකාරයක් නොකර මගහැර යාමද නිසි නොවේ.

ඉර බැස යන ආකාරය අපට ඉතා අලංකාර දර්ශනයක් ලබා දේ

සවස් කාලයට වැව් පිටිය කදිම දර්ශනයක් අපට ලබා දේ. වැව මතින් ඉර බැස යන ආකාරය අපට ඉතා අලංකාර දර්ශනයක් ලබා දේ. එසේම සවස් කාලය වන විට බොහෝ අලි ඇතුන් කණ්ඩායම් වශයෙන් මෙන්ම තනි තනිවද ජලය සොයා වැව වෙත ඇදී ඒම සුළඹ දසුනකි.

හෙමින් හෙමින් වැව වෙත ඇදී එන අලි ඇතුන් ...

වැව් පිටිය මතට සවස් කාලයේ ගමන් කරන්නෙකුට බොහෝ ප්‍රමාණයක් අලි ඇතුන් නැරඹීමේ අවස්ථාව නම් නිරායාසයෙන්ම උදා වන්නකි. වැව් පිටියේ ඇති තණ කමින් හෙමින් හෙමින් වැව වෙත ඇදී එන අලි ඇතුන් අපට ඉතා අලංකාර දසුනක් ගෙන දේ. මනා සංයමයකින් යුතුව සතුන්ගේ ක්‍රියාකාරකම් වලට හානියක් හෝ බාධාවක් නොවන පරිදි ගමන් කිරීම මගින් අපට ඉතා සමීපට අලි ඇතුන් නැරඹීමේ අවස්ථාව උදා වේ. කුඩා අලි පැටවුන්ද පෙරටු කරගෙන දිවා කාලයේ වෙහෙස නිවා ගැනීමට මෙන් සවස් කාලයේදී වැව් පිටිය වෙත පිවිසෙන අලි ඇතුන් රංචු අතර ගමන් කිරීම කදිම අත්දැකීමකි.

වැව් පිටිය වෙත පිවිසෙන අලි ඇතුන් රංචු ...

ඉතා සමීපව අලි ඇතුන් නැරඹීමට අවස්ථාව උදා වීම ...

සම්පූර්ණ වනෝද්‍යානය පිළිබදව සැලකීමේදී බොහෝ ස්ථානයන් හා දර්ශන ඇතුලත් වන බැවින් මෙම උඩවලව වනෝද්‍යානය පිළිබදව තොරතුරු වැව් පිටිය ආශ්‍රිතව මෙම ලිපිය මගින් හා වැව් පිටියෙන් ඔබ්බට උද්‍යානය තවත් ලිපියක් මගිනුත්, මෙහි ඇති සංචාරක බංගලා සහ කදවුරු බිම් පිළිබදව වෙනම ලිපියක් මගිනුත් ගෙන ඒමට කටයුතු කරන අතරම චාමර මුණසිංහ (පාරිසරික සංචාරක නිලධාරී) සහ රුවන් ලියනාරච්චි (මාර්ගෝපදේශක) යන මහත්වරුන්ට අපගේ විශේෂ ස්තුතිය හිමි විය යුතුය.

පනාමුරේ ඇත්ගාල
පනාමුර ඇත් රාජා යන නාමය ලංකාවේ පමණක් නොව ලොව ප්‍රසිද්ධ වූ නාමයකි. ‍මෙම නාමය හා බැදී පවතින පනාමුර ඇත්ගාල නම් වූ ස්ථානය ‍ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වූවකි. අපගේ මෙම සටහන මෙම පනාමුර ඇත්ගාල නම් වූ ස්ථානය හා ඒ පිළිබදව ඇති තොරතුරු සම්බන්ධයෙන් වේ.

අදට ශේෂ වී ඇති එකම එක ලී කණුව

ලංකාවේ අවසාන ඇත්ගාල වන පනාමුර ඇත්ගාල පිහිටි ප්‍රදේශයට ලගා විය හැකි ආකාරය පිළිබදව විමසා බලමු. මෙහිදී කොළඹ සිට පැමිණෙන්නේ නම් රත්නපුර හරහා ඇඹිලිපිටිය මාර්ගයේ උඩවලව පසුකල පසු රංචමඩම හංදියෙන් හැරී දකුණට ගමන් කර පනාමුර දක්වා වූ මාර්ගයේ ගමන් කල යුතු වේ. මෙම හැරී ගමන් කරන මාර්ගය දුෂ්කර වන අතර, ඇඹිලිපිටිය උඩගම හංදියෙන් හැරී කොලොන්න හරහා සූරියකන්ද දක්වා වන මාර්ගයේ කි.මී. 10 ක් පමණ ගමන් කිරීමෙන් පනාමුර හංදියට පැමිණිය හැකිය. මඩුවන්වෙල වලව්ව දක්වා වූ මාර්ගය වන්නේද මෙම උඩගම පනාමුර හරහා කොලොන්න මාර්ගයයි. පනාමුර හංදියේ සල් ගස ලගින් දකුනට හැරී කි.මී. 2-3 ක් පමණ ගමන් කිරීමෙන් ඇත්ගාල ප්‍රදේශයට ලගා විය හැකිවේ.

අවාසනාවකට පසුගිය දින වන විට මෙම ස්ථානයේ ශේෂ වී ඇත්තේ පුරාවිද්‍යා පුවරුවක්, ඇත්ගාලට පාදක කරගත් දිය උල්පත හා ප්‍රදේශවාසීන් විසින් නැවත සකස් කර සිටුවන ලද එක් ලී කණුවක් පමණි.

ඇත්ගාල සැකසීමට පාදක කරගත් දිය උල්පත

දුම්වෙඩි ගසා ඇත්රාජා පලවා හැරීමට උත්සාහ කිරීම

නමුත් වර්ථමානයේ මෙම ස්ථානය නැරඹීම සදහා පැමිණි සහකාර පොලිස් අධිකාරී සමන් රත්නායක නම් මහත්මයකු විසින් ප්‍රදේශයේ ජනතාව සමග එක්ව පදනමක් පිහිටුවා ඒ මගින් මෙම ස්ථානයේ කෞතුකාගාරයක් සහ පනාමුර ඇත්රාජා ගේ ජීවමාන ප්‍රමාණයේ අනුරුවක් නිර්මාණය සදහා කටයුතු කරමින් පවතී. මෙම පැරණි ඡායාරූප ලබාගැනීමට සහාය දැක්වීම වෙනුවෙන් අප සමන් රත්නායක මහතාට ස්තුතිවන්ත ‍වන්නෙමු.

පනාමුර යනු මඩුවන්වෙල නින්දගමට අයත් පැරණි ගමකි. කතරගම දේවාලයේ මුර භටයන් 50 ක් මුරට සිටි බැවින් පනහමුර ලෙස භාවිතා වී පසුව එය පනාමුර ලෙස ව්‍යවහාර වූ බව ජනප්‍රවාදයේ පවතී. අක්කර 7000 කින් පමණ සමන්විත වූ පනාමුර නින්දගම එවකට උඩරට පාලනය කල ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් සන්නසක් මගින් මඩුවන්වෙල මොහොට්ටාලට ප්‍රදානය කරන ලද්දකි. විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ්‍රීමත් ජේමිස් විලියම් මඩුවන්වෙල මහ දිසාව මෙම පරපුරේ අවසානයා විය. ඔහු විසින් මෙම පනාමුර ප්‍රදේශයේ ඇත් ගාල් 20 ක් පමණ කරවූ බව පැවසේ. මඩුවන්වෙල දිසාවේගේ ඇවෑමෙන් බුදලය හිමිවුයේ එතුමාගේ සොහොයුරෙකුගේ පුතෙකු වු ව්‍යවස්ථාදායක සභාවේ හා ප්‍රථම පාර්ලිමේන්තුවේ කතානායක සර් නවරත්න වික්‍රමසිංහ වේහැල්ල මුදියන්සේලාගේ ප්‍රැන්සිස් මොලමුරේ මහතාටය. ඔහු විසින්ද ඇත්ගාල් 5 ක් බන්දවා ඇත. මෙම 5 වන ඇත්ගාල පනාමුරේ ඇත්රාජා හා සම්බන්ධ ලංකාවේ අවසාන ඇත්ගාලයි.

එදා ඇත්ගාලේ ශක්තිමත් ලී වැට

කලුකන්දාව කදු පාමුල පිහිටි දිය උල්පතක් මැදි කර මෙම ඇත්ගාල ඉදිකරනු ලැබ ඇත. වසරේ සෑම කාලයකම එකසේ ජලය නොසිදෙන මෙම දිය උල්පත ඇත්තටම ආශ්චර්යයකි. අද වන විටද මෙම දිය උල්පතේ විශාල දිය පහරක් පනාමුරේ ඇත්රාජා සිහිපත්කරමින් ප්‍රදේශයේ කුඹුරු අස්වද්දමින් ගලා බසී. කොලොන්න ආශ්‍රිත වනගත ප්‍රදේශයේ අතීතයේ විශාල වශයෙන් අලි ඇතුන් වාසය කර ඇත. මෙම අලි ඇතුන් අල්ලා හීලෑ කර විකිනීම සදහා මෙම ඇත්ගාල් ඉදිකරනු ලැබ තිබේ.

එදා ඇත්ගාල සකස් කරමින්

ජුලි හා සැප්තැමබර් අතර වියලි කාලයේදී ජලය සොයා මෙම වනගත අලීන් පනාමුර ප්‍රදේශයේ පිහිටි දිය බුඹුල වෙත පැමි‍ණ ඇත. එසේ පැමිණෙන අලින් කොටුකර ගැනීම සදහා මෙම ඇත්ගාල් සකස් කර තිබේ. මෙම ඇත්ගාලක් කරවීම ඉතා අධික කාලයක්, ශ්‍රමයක් හා මුදලක් වියදම් වන කාර්යයකි. මෙම දිය උල්පත වටා අඩි 10 ක් 12 ක් පමණ උසට ශක්තිමක් ගස් කපා දැන කදන් වලින් වැටක් ඉදි කරනු ලබයි. ඉන්පසු එම වැටේ එක් පසෙකින් අලි ඇතුන්ට ඇතුළු වීම සදහා පිවිසුමක් තබන අතර, ගිනිමැල ගසා, ශබ්ද කරමින් මෙම දිය සොයා පැමිණෙන අලි ඇතුන් මෙම ගාලට කොටු කර පිවිසුම් දොරටුව වසා දමයි. මෙසේ කොටුවන අලි ඇතුන් හීලෑ අලි සමග ගොස් ගැට ගසා අල්ලා ගනු ලැබ තිබේ.

එදා බේරී තම මව වෙත යාමට උත්සාහ කල ගැටගැසූ අලි පැටවෙක්

සෑම් ඇලපාත හා මඩුවන්වෙල කෝරාල වැනි ප්‍රාදේශීය නායකයන් මේ සදහා සහාය දක්වා ඇත. අඩි 5 ක් පමණ ගැඹුරු වලවල් හාරා ඒ තුළ ශක්තිමක් ගස් සිටුවා සකස් කරන ලද වැට අසල දෙස් විදෙස් ප්‍රභූ නරඹන්නන් සදහා අට්ටාල සකස් කර නැරඹුම් ස්ථාන සකස් කර ඇත. මෙම පනාමුර ඇත් ගාල ලෝක ප්‍රසිද්ධ ඇත්ගාලක් වන බැවින් බොහෝ නරඹන්නන් මේ සදහා සහභාගී වී තිබේ.

එදා කොටුවූ අලින් අල්ලා ගැට ගැසූ හැටි

1950 අගෝස්තු මස සකස් කල ඇත්ගාල සදහා කොටු වූ මෙම පනාමුර ඇත් රාජා ලෙස හදුන්වන (ඇත්තවශයෙන්ම මෙම සතා ඇතෙකු නොව අලියෙකි) අඩි 9 ක් පමණ උස වූ දැවැන්ත හස්තියා මෙල්ල කර ගැනීමට ඇත් ගාල සකස් කල පුද්ගලයන්ට නොහැකි වී තිබේ. ඒ අනුව 1950 අගෝස්තු මස 5 වන දින රාත්‍රී නාවික හමුදා තුවක්කුකරුවෙකු වූ සෑම් කදිරගාමර් නැමැත්තා මගින් මෙම හස්තියාට වෙඩි තබා මරා දමා තිබේ.

වෙඩි තබා මරා දැමූ පනාමුරේ ඇත් රාජා

මේ සමග රටේ සියළුම ජනමාධ්‍ය ‍මෙය ප්‍රචාරය කර ඇති අතර, ඒ මගින් මුළු රට තුළම මෙම ඇත්ගාල් සදහා දැඩි විරෝධයක් පැන නැගී ඇත. ඉන්පසු එවකට පැවති පාර්ලිමේන්තුව විසින් මෙරට ඇත්ගාල් තහනම් කර තිබේ. මෙසේ මෙරට වන අලින්ගේ සුරක්ෂිතතාවය ආරක්ෂා කරන මෙම ඇත්ගාල් තහනම් කිරීමේ නීතිය නීතිගත වීමට පනාමුරේ හස්තියාගේ මරණය හේතු සාධකය වී තිබේ. ඒ සමග මෙම හස්තියා වීරයකු ලෙස සලකමින් පනාමුරේ ඇත් රාජා ලෙස ලෝක ප්‍රසිද්ධ වී තිබේ.

එදා අල්ලා ගැටගසාගත් අලි පැටවෙක්

මෙම හස්තියා තම ජීවිතය කැපකරමින් මෙරට සමස්ථ අලි ඇතුන් කෙරෙහි සිදු කරන ලද්දේ මහත්ම සේවයකි. මන්ද තවදුරටත් මෙම ඇත්ගාල් පැවතුනේ නම් පසුගියදා මෙරට සිදුකල අලි සංගනනය සිදු කිරීමට අවශ්‍ය නොවන හෝ එක් දිනකින් සිදුකල හැකි තරමට මෙරට අලි ඇතුන් සංඛ්‍යාව හීන වී වද වී යනවා නොඅනුමානය. එවන් සේවාවක් සිදුකල මෙම පනාමුරේ ඇත්රාජා මියගිය පනාමුර ඇත්ගාල පිහිටි ස්ථානය මඩුවන්වෙල යන අතරතුර නැරඹිය යුතුම ස්ථානයක්ය වනු මාගේ මතයයි.

වවුල්පන හුණුගල් ගුහාව
ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් සේම ජෛව විවිධත්ව පාරිසරික සම්පතක් වූ වවුල්පන හුණූගල් ගුහාව අපට හිමි මහගු පාරිසරික දායාදයකි. මෙම ස්ථානය මෙරටට ආවේණික වූ වවුලන් වර්ග 7 ක්ද ඇතුලත්ව වවුලන් ලක්ෂ 10 කගේ පමණ වාසස්ථානය වන අතර, මෙම ස්වාභාවික ගුහාව තුළින් දිය පහරක් ගලා යයි. ගුහාව තුළ පිහිටි අභ්‍යන්තර දිය ඇල්ල අපට ඉතාම සුවිශේෂ වූ අත්දැකීමක් ලබා දේ. මෙය සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, කොලොන්න ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ පිහිටා ඇත. රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ පල්ලේබැද්ද තුංතොට හංදියෙන් හැරී බුළුතොට මාර්ගයේ කිලෝ මීටර් 10 ක් පමණ ගමන් කිරීමෙන් පසු මෙම ස්ථානයට ලගා විය හැකිය. එසේම සූරියකන්ද – කොලොන්න මාර්ගයේ බුළුතොට හංදියෙන් හැරී පල්ලේබැද්ද දක්වා වූ මාර්ගයේ ගමන් කිරීමෙන්ද මේ වෙත ලගා විය හැකිය.

පිවිසුම් මාර්ගය

ඔබ ගමන් ගන්නා කුමන හෝ වාහනයක් වවුල්පන ගම්මානය තෙක් ගමන් කල හැකි වේ. ඉන්පසු එතැන් සිට ඔබට ගමන් කිරීමට සිදු වන්නේ ඉතා සෞම්‍ය පරිසර පද්ධතියක් තුළ ගස් සෙවන යටින් දිව යන අඩිපාරක් ඔස්සේය. එසේ කිලෝ මීටරයක් පමණ දුරක් ගමන් කිරීමෙන් පසු හුණුගල් ගුහාව පිහිටි ස්ථානයට ලගා විය හැකිය. මෙම හුණුගල් ගුහාව උප ගුහා 10 කට අධික ප්‍රමාණයකින් සමන්විත වූ ගුහා පද්ධතියකි. මෙහි පිවිසුම් දොරටුව තුළින් මෙම ගුහාව තුළට වවුල්පන දොළ ගලා යයි. ගුහාව තුළට ඇතුල් වන එම දොල උමං මග ඔස්සේ මීටර් 500 ක් පමණ ගලා ගොස් ගුහාවේ පිටවීමේ දොරටුව තුළින් මතු වේ.

ලිස්සන සුළු ගුහාව තුළ ගමන් කිරීම

මෙම වවුල්පන ගුහාව අභ්‍යන්තරය ඉතාමත් අදුරුය. කිසිදු ආලෝකයක් නොවැටේ. එබැවින් ඒ තුළ සිය වාසස්ථානය කරගත් වවුලන් ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් වාසය කරන බව සොයාගෙන ඇත. මෙහි ඇති වවුලන්ගෙන් වවුලන් වර්ග 7 ක් මෙරටට ආවේණික වවුලන් වේ. සවස 6 ට පමණ ගුහාවෙන් පිටත්වන වවුලන් නැවත උදෑසන මෙම ගුහාව කරා ලගාවෙති.

ගුහාව තුළ දර්ශනයක්

ඔබ මෙම ගුහාව තුළට ගමන් කරන්නේ නම් හොද ආලෝකය ලබා ගැනීමේ මාධ්‍යක් රැගෙන යා යුතුය. මෙම ගුහාව තුළට පිවිසුම් දොරටුවෙන් ඇතුල් වූ පසු එම ගුහාව අඩි 40 – 50 ක් පමණ උසට විහිදී යයි. ඒ තුළ විවිධාකාර දිසාවන්ට විහිදී ගිය උප ගුහා ගනනාවක් දැකිය හැකිය. හුණුගල් වලින් සකස් වී ඇති අපූර්වතම නිර්මාණයක් වන මෙම ගුහාව තුළ හිරිලඹ හා හිරිටැඹ දැකගත හැකි වේ.

ගුහාව තුළ දර්ශනයක් (හිරිලඹ)

විදුලි පන්දම දල්වන සෑම දිසාවකම ඇත්තේ දහස් ගනනින් වවුලන්ය. ආලෝකය ලැබීමත් සමග කලබල වන වවුලන් ගුහාව තුළ ඉගිලී යති. ගුහාව තුළ ඇති හිරිලඹ හා හිරිටැඹ ඉතා අලංකාර දර්ශනයක් ඇති කරයි. මේ කරා ලගාවන අයකුට දැකගැනීමට සාමාන්‍යයෙන් ඉතා දුර්ලභ දසුන් ගනනාවක් දැක ගැනීමේ වාසනාව හිමි වේ.

ගුහාව තුළ දර්ශනයක් (හිරිලඹ)

එසේම ඔබ ගුහාව තුළට ගමන් කිරීමට අදහස් කරන්නේ නම්, ඒ සදහා වෙනම ඇදුමක් හා තොප්පියක් රුගෙන යාමට අමතක නොකරන්න. වවුලන් ලක්ෂ ගනනක් ඔබගේ හිසට ඉහලින් සිටින බැවින් ඔබ මේ තුළට ගමන් කිරීමේදී අදින ඇදුම පිටතට පැමිණි සැනින් සෝදා ගැනීමට ඔබට සිදුවනු ඇත.

ඇලි (සුදු) කරපොත්තන්

වවුලන්

එසේම මේ ගුහාව තුළ මීයන් සහ කරපොත්තන් ඉතා විශාල ප්‍රමාණයක් ජීවත් වෙති. ඔබට ඔවුන් හමුවන්නේ ඔබ ගුහාව තුළට ගමන් කරන්නේ නම් පමණි. මේ තුළ ඉතා දුර්ලභ ඇලි කරපොත්තන් (සුදු කැරපොත්තන්) දැකිය හැකි වේ. වවුලන්ගේ මලපහ සහ ජලය මිශ්‍ර වීම නිසා මෙම ගුහාව තුළ වන ගල් ලිස්සන සුළු ‍බවට පත්ව ඇත. එබැවින් ඉතා දුෂ්කර ගමනකින් පසු ඔබට ගුහාව තුළින් ගමන් කර ගුහාවේ පිටවන දොරටුව වෙත ගමන් කිරීමට හැකි වනු ඇත. එසේ ගුහාව තුළින් ගමන් කිරීම අපහසු වන්නේ නම්, නැවත පිටතට පැමිණ ගුහාවේ පිටවන දොරටුව තුළින් නැවතත් ගුහාව තුළට ගමන් කිරීමට හැකි වේ.

රූක්ෂ ගස් අහස උසට

මෙම ගුහාව තුළට ගමන් කරනා ඔබට දැක ගැනීම සදහා තවත් ඉතාමත් දුර්ලභ දර්ශනයක් ඇත. එනම් ලංකාවේ දැකගැනීමට ඉතාමත්ම දුර්ලභ වන්නා වූ ගුහාව තුළ පිහිටි අඩි 30 කටත් වඩා උස වූ අභ්‍යන්තර දිය ඇල්ලකි. ගුහාව තුළට වෙනත් දිශාවක ඇති උමගක් තුළින් ඇතුල් වන දිය පහරක් අඩි 30 ක් වැනි උසක සිට පහලට ඇද වැටී ඉතා අලංකාර අභ්‍යන්තර දිය ඇල්ලක් නිර්මාණය කරයි. මෙම දිය ඇල්ල වසරේ සෑම කාලයකම එක හා සමානව ඇද වැටේ. අවාසනාවකට මෙන් මෙම දිය ඇල්ලේ ඡායාරූප ඔබ වෙත ගෙන ඒම සදහා අප රැගෙන ගිය ආලෝකය ප්‍රමාණවත් නොවුනි.

මෙහි පිවිසුම් දොරටුවෙන් නැවත පිටපත පැමිණි පසු ඉතා ඉහල අහස කරා යොමු වූ රූක්ෂ ගස් වලින් හෙබි කැලය මැදින් වැටී ඇති මගක් ඔස්සේ මෙම ගුහාවේ පිටවීමේ දොරටුව වෙත ලගා විය හැකිය. ඉතාමත් දැවැන්ත ගස් වලින් හෙබි අලංකාර ස්වාභාවික පරිසර පද්ධතියක් මැදින් ගමන් කිරීමෙන් පසු, ඉතාමත් දුෂ්කර ගමන් මගක් ඔස්සේ මෙම පිටවීමේ දොරටුව වෙත ගමන් කල හැකිය.

අලංකාර පරිසරය

පිවිසුම් දොරටුව තුළින් ගුහාව තුළට ඇතුල් වූ වවුල්පන දොල නම් වූ දිය පහර ගුහාව තුළින් ගමන් කර, අභ්‍යන්තර දිය ඇල්ලෙන් එකතු වන ජලයෙන්ද පෝෂණය වී මෙම පිටවීමේ දොරටුව තුළින් පිටතට ගලා යයි. මෙම පිටවීමේ දොරටුව තුළින් දිය පහර මැදින් ගුහාව තුළට ගමන් කිරීමෙන් පසු පෙර කී අභ්‍යන්තර දිය ඇල්ලේ පාමුලට පැමිණිය හැකිය.

පිටවීමේ දොරටුව

වවුලන්

එසේ ගුහාව තුළට ගමන් කරන්නේ නම් ඔබගේ ශබ්දයන්ගෙන් අවදි වී ගුහාවේ දොරටුව තුළින් පිටතට පැමිණෙන වවුලන් ශරීරයේ වැදීමෙන් ආරක්ෂා වීම සදහා ගුහාව තුළට ගමන් කල යුත්තේ පිටුපසට ගමන් කරන ආකාරයටය.

සත්ව පොසිලයක්

එසේම, මෙම ගුහාවේ පිටවීමේ දොරටුව ආසන්නයේ ප්‍රදේශවාසීන් විසින් සත්ව පොසිලයක් යැයි හදුන්වන යමක් පවතී. ගුහාව ආසන්නයේම පසට යටවී ඇති මෙය සමීපව පරීක්ෂා කිරීමේදී එය යම් සතෙකුගේ පොසිලයක් බව නිගමනය කිරීමට තරම් ප්‍රමාණවත් තොරතුරු සොයා ගත හැකි වේ. කෙසේ හෝ මෙම ගුහාව ආසන්නයේ හමුවන සාධකයන් හා නිරීක්ෂණය කිරීමේදී මෙම සත්ව පොසිලය වසර දහස් ගනනක් පැරණි විය හැකි බව විශ්වාස කල හැකිය. එසේම ඉන් මදක් ඔබ්බෙහි වූ ගල් පවුරු ආශ්‍රිතව ශාක පත්‍ර පොසිලයන්ද දැක ගත හැකි වේ. මෙම ප්‍රදේශය නිරීක්ෂණය කිරීමේදී වසර දහස් ගනනක ඓතිහාසික තොරතුරු හා සාක්ෂි දැක ගත හැකි වනු ඇත.

එසේම ඔබට මෙම ගල් පවුරු ආශ්‍රිතව වර්ධනය වන හෝ ක්ෂය වී යන කිරිගරුඩ පාශානයන්ද දැක ගැනීමට හැකි වනු ඇත.

පත්‍ර පොසිලයක්

කිරිගරුඩ

මෙම ස්ථානයෙන් මෑත් වී මෙම ගුහාව පිහිටි කන්දේ වෙනත් පෙදෙසකට ගමන් කිරීමේදී අපට කිවුල් දිය උල්පත දැක ගැනීමට හැකි වේ. පොලව තුළින් මතුවන අගල් 10 කට වැඩි දිය පහර කිවුල් රසයෙන් යුක්තය. මෙම උල්පතේ ජලය වසරේ සෑම කාලයකදීම කිසිදු අඩු වැඩි වීමක් නොමැතිව එකම ප්‍රමාණයකට ගලා එන බව ප්‍රදේශවාසීන් පවසති.

කිවුල් දිය උල්පත

මෙම ජලය මද දුරක් ගමන් කිරීමෙන් පසු ප්‍රදේශවාසීන් විසින් දිය නෑම සදහා සකස් කරන ලද පීල්ලක් දැක ගත හැකි වේ. එසේ ගමන් ගන්නා ජලය මද දුරක් ගමන් කර පොලොවේ ඇති විවරයත් තුළින් නැවතත් පොළොව අභ්‍යන්තරයට ගලා යයි. එම විවරය තුළින් කෙනෙකුට ඇතුලට ගමන් කිරීමට හැකි වේ. මෙසේ ගමන් කරන ජලය පෙර කී ගුහාව තුළ වූ අභ්‍යන්තර දිය ඇල්ල නිර්මාණය කරයි. මෙම ජලය පොළොව තුළට ගමන් ගන්නා විවරය පිහිටා ඇත්තේ ගුහාවේ මුදුනට වන්නටය. එබැවින් ‍එසේ පොළොවේ විවරය තුළින් පොළොව අභ්‍යන්තරයට ගලා යන උල්පත් ජලය ගුහාවේ මුදුනේ සිට අඩි 30 ක් පමණ පහලට ඇද වැටී ගුහාව තුළ අභ්‍යන්තර දිය ඇල්ලක් නිර්මාණය කරයි. මෙම ජලය ගමන් ගන්නා විවරය තුළින් කඔයක ආධාරයෙන් ඇතුලට ගමන් කලහොත් දිය ඇල්ලේ මුදුනට ගමන් කල හැකි වේ. එම දිය ඇල්ල මුදුනේ සිට දෙපසට තවත් උප ගුහා දෙකක් දැක ගත හැකි වේ. එම උප ගුහාවන්ද වවුලන්ගේ වාසස්ථාන බවට පත් වී ඇත.

කිවුල් දිය ජලය අභ්‍යන්තර දිය ඇල්ල වෙත උමග තුළින්

මෙම චාරිකාවේ අවසාන අදියර වන්නේ ගුහාව තුළ ගමන් කිරීමෙන් පසු පිරිසිදු වීම සදහා දිය නෑමට ඇති ස්ථානයයි. ඒ සදහාද කදිම ස්ථානයක් මෙම ස්ථානයේ පිහිටා ඇත. මෙය ඇත්ත වශයෙන්ම ස්වාභාවික නිර්මාණයක්ද, මිනිස් ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කල නොහැක. ප්‍රදේශවාසීන් විසින් “යෝධයා කැපූ වල” නමින් හදුන්වන මෙම ස්ථානය 5 – 6 දෙනෙකුට පමණ එකවර දිය නෑ හැකි ජල තටාකයකි. ගුහාව තුළින් ගමන් කිරීමට ප්‍රථමයෙන් වවුල්පන දොල නැමැති දිය පහරේ හමුවන මෙම ස්ථානය ගුහාවට ඉහලින් පිහිටි ස්ථානයකි. එම ඉතා ආරක්ෂාකාරීව දිය නෑම සදහා සුදුසු ගැඹුරකින් යුතුව සකස් වී ඇත. ප්‍රදේශවාසීන් විසින් ප්‍රකාශ කරන පරිදි මෙය යෝධයකු විසින් සකස් කරන ලද ස්ථානයකි. කෙසේ හෝ අසාමාන්‍ය ලෙස වටේට පිහිටා ඇති ගල රවුම් ලෙසට හාරා සකස් වී ඇති අතර, ඉතා පිරිසිදු හා සිසිල් ජලයෙන් දිය නා පිරිසිදු වී ඔබගේ චාරිකාව නිමා කල හැකි වේ.

යෝධයා කැපූ වල

ඉතා අලංකාර හා විශ්මිත ස්වාභාවික නිර්මාණයක් සේම ජෛව විවිධත්වය අතින් අපගේ උරුමයක් වූ මෙම පරිසර පද්ධතිය හෙට පරපුර සදහාද ආරක්ෂා කර දීම ඔබ අප සැමගේ වගකීමක් බව අදිටන් කර ගන්න. පා සලකුණක් හැර කිසිවක් මෙම පරිසර පද්ධතියට එක් නොකරන්න. ඡායාරූපයක් හැර කිසිවක් මෙයින් ඉවතට රැගෙන නොයන්න.

අපගේ කන්ඩායම පිටවීමේ දොරටුව අසලදී

මදුනාගල උණුවතුර ලිං
ඇඹිලිපිටිය හා හම්බන්තොට නගරයන්ට මැදිව සූරියවැව නගරයට ආසන්නයේ පිහිටා ඇති සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් ලෙස මදුනාගල උණු දිය උලපත් හැදින්විය හැකිය. ඇඹිලිපිටිය සිට පදලංගල හරහා සූරියවැව මාර්ගයේ හතරමං හංදිය නමින් හැදින්වෙන ස්ථානයෙන් හැරී කි.මී. 4 ක් පමණ ගමන් කල විට මෙම උණු දිය උල්පත් වෙත ලගාවිය හැකිය. එක් පසකින් මහ රහතන් වැඩ සිටි ඓතිහාසික මදුනාගල ආරණ්‍ය සේනාසනයත් අනෙක් පසින් පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා ඉපැරණී චිත්‍ර සොයාගත් කරඹගල වන රක්‍ෂිතයටත් මැදිව සුන්දර කුඹුරු යායක් මැද මෙම ස්ථානය පිහිටා ඇත. නූතනයේ දකුණූ පළාත් සංචාරක අමාත්‍යංශය විසින් සංචාරක ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් මෙම ස්ථානයට තවත් සංචාරක අංගයන් බොහොමයක් එක්කර තිබේ.

ස්වාභාවික උණු දිය ස්නානය කිරීමේ පහසුකම යනු සංචාරකයන්ට ඉතා මහගු අවස්ථාවකි

සංචාරකයන්ගේ ගමන් විඩාව දුරු කර ගනිමින් ඖෂධීය ගුණයන්ගෙන් සම්පූර්ණ වූ උණු දිය ස්නානය කිරීමේ පහසුකම් මෙම ස්ථානයේ ඇත. සීතල සුලං හමායන කුඹුරු යායක් මැද සිට, බොහෝ ඖෂධ ගුණයන්ගෙන් සපිරි ස්වාභාවික උණු දිය ස්නානය කිරීමේ පහසුකම යනු සංචාරකයන්ට ඉතා මහගු අවස්ථාවකි.

ප්‍රවේශ වන ස්ථානය නව සංචාරක ව්‍යාපෘතිය මගින් සකස් කිරීමෙන් පසුව

උණු දිය උල්පත් ඇතිවන ආකාරය

වර්ථමානයේ මෙම ස්ථානයේ ඇති උණු දිය උල්පත වටකොට ජල ටැංකි පහක් ඉදිකර ඇත. මෙම ජල ටැංකි පහේ උෂ්ණත්වය එකින් එකට වෙනස් වන ආකාරයට ඉදිකර ඇත. එනම්, උණු දිය උල්පත වටා බැදි ජල ටැංකිය වඩා වැඩිම උෂ්ණත්වයක් ඇති ජල ටැංකියයි. මෙහි ජලය තුළ උණුසුම නිසා දිය බුබුළු මතුවනු දැකිය හැකිය. එහි ජලය ටැංකියෙන් ටැංකියට ගලා යමින් ක්‍රමයෙන් උෂ්ණත්වය අඩු වන ආකාරයට සකස් කර ඇති අතර, සංචාරකයන්ට දිය නෑම සදහා එය විශාල පහසුවක් ගෙන දී ඇත.

මෙම ස්ථානයෙහි කුරුළු උයනක්, මින් මැදුරක්, කෞතුකාගාරයක්, සංචාරක නැවතුම්පලක් මෙන්ම පළතුරු උයනක්ද ඉදිකර ඇත්තේ මෙම සංචාරක ගම්මාන සංවර්ධන වැඩපිළිවෙල යටතේය. මෙම කුරුළු උයන තුළ විවිධ ගිරවුන් වර්ග, තාරාවන්, පරවියන්, හාවුන්, කොබෙයියන් වර්ග මෙන්ම තවත් බොහෝ සතුන් වර්ගයන් සිටින අතර, මින් මැදුර තුළද විවිධ දුර්ලභ මත්ස්‍ය වර්ග ගනනාවක් ඇත.

කුරුළු උයන තුළ සිටින සතුන්ගෙන් කොටසක්

මෙම උණුදිය උල්පත් ජලයේ ඇති රසායන හා භෞතික ගුණයන් පහත පරිදි වේ.

භෞතික ගුණයන් (Physical Properties)

උෂ්ණත්වය (Temperature)                    40     CO

PH අගය (PH)                                         7.0

සන්නායකතාවය (Conductivity)            7.1      sm-1

ඝණ ද්‍රව්‍ය (Total Solids)                         5288     mg / l

රසායනික ගුණයන් (Chemical Properties)

Bicarbonate (බයිකාබනේට) (HCO)            20.1      mg / l

Chloride (ක්ලෝරයිඩ්) (Cl)                            2590     mg / l

Sulphate (සල්පේට) (SO4-2)                           138.4    mg / l

Nitrate (නයිට්‍රේට) (NO3-2)                              1.02      mg / l

Phosphate (පොස්පේට) (PO4-3)                   3.7      mg / l

Silica (සිලිකා) (SiO)                                          54.9      mg / l

Calcium (කැල්සියම්) (Ca)                               533.0    mg / l

Magnesium (මැග්නීසියම්) (Mg)                  4.80      mg / l

Sodium (සෝඩියම්) (Na)                                    1110.0  mg / l

Patassium (පොටෑසියම්) (K)                         22.6      mg / l

Lithium (ලිතියම්) (Li)                                       0.4        mg / l

Iron (යකඩ) (Fe)                                          0.03      mg / l

Zink (සින්ක්) (Zn)                                      0.01      mg / l

Lead (ඊයම්) (Pb)                                    0.08      mg / l

Cadium (කැඩියම්) (Cd)                                   0.01      mg / l

Florid (ෆ්ලෝරයිඩ්) (F)                                    1.6        mg / l

Sulfide (සල්ෆයිඩ්) (S-2)                                   40.15    mg / l

Manganese (මැංගනීස්) (Mn)                       0.04      mg / l

(මූලාශ්‍රය – භූ විද්‍යා දෙපාර්තමේන්තුව 2005)

සංචාරක උද්‍යානය තුළ දර්ශනයක්

උණුදිය උල්පත්හි අඩංගු වායූන්

Hydrogen (හයිඩ්‍රජන්) (H2)%                                     0.31

Oxygen (ඔක්සිජන්) (O2)%                                         0.77

Nitrogen (නයිට්‍රජන්) (N2)%                                       98.8

Carbon dioxide (කාබන්ඩයොක්සයිඩ්) (Co2)%       0.12

(මූලාශ්‍රය- ෆොන්සේකා ජී. එම්. 1998)

මාර්ගය දෙපස ඇති සුන්දර කුඹුරු යාය

මෙම සංචාරක උද්‍යානයක් ලෙස සංවර්ධනය කර ඇති උණූ දිය උල්පත් වෙත ලගා වීමට ඇති මාර්ගය දෙපස ඇති සුන්දර කුඹුරු යාය ගත සිත විඩාව දුරු කරන සුන්දර ආශ්වාදයක් සංචාරකයන්ට ලබා දේ. දකුණු ප්‍රදේශයේ සංචාරය කරන ඔබ නැරඹිය යුතුම ස්ථානයක් ලෙස මෙම මදුනාගල උණුදිය උල්පත් හැදින්විය හැකිය. මෙම සංචාරය තුළ ඔබට ආසන්නයෙන්ම නරඹිය හැකි ස්ථාන ලෙස ‍‍ඓතිහාසික මහානාග රාජධානිය පිහිටා තිබූ රම්භා විහාර පුරාවිද්‍යා රක්ෂිතය, මදුනාගල ආරණ්‍යය, කරඹගල ලෙන් ආදිය හැදින්විය හැකිය.

උඩවලව වැව
උඩවලව ජලාශය වැව් බැම්ම මතට පෙනෙන අයුරු

උඩවලව යැයි කියූ සැනින් අපගේ මතකයට එන්නේ උඩවලව වනෝද්‍යානය සහ ඇත් අතුරු සෙවනයි. මෙම මග පිහිටි උඩවලව ජලාශය අවට පරිසරය ඉතා දර්ශණීය දැකුම්කළු දසුනක් අපට ලබා දේ. කොළඹ – ඇඹිලිපිටිය මාර්ගයේ ඇඹිලිපිටිය‍ට කිලෝ මීටර් 15 ක් මෙපිට හමුවන තිබොල්කැටිය හංදියෙන් හැරී වමට ඇති පාරේ ගමන් කරන විට අපට පළමුව හමු වන්නේ උඩවලව ජලාශයයි. 1968 පෙබරවාරි මස 04 දින විවෘත කල මෙම ජලාශය වලවේ ගග මගින් පෝෂණය වේ.

විදුලි බලාගාරයක්

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ටර්බයින 02 කින් සමන්විත ජල විදුලි බලාගාරයක් මෙම වැව ආශ්‍රිතව පිහිටා ඇත. ඔබට මෙම මාර්ගයේ ගමන් කිරීමේ පහසුකම් ඇත්තේ දිනපතා පෙ.ව. 06 සිට ප.ව. 06 දක්වා පමණි. ආරක්ෂක හේතූන් මත මෙම වැවි බැම්ම මතින් ඇති මාර්ගය රාත්‍රී කාලයේ වසා තබනු ලැබේ.

වැව් බැම්ම මතින් වැටී ඇති මාර්ගය

උඩවලව ඇත් අතුරු සෙවන මෙන්ම උඩවලව වනෝද්‍යානය නැරඹීමට ගමන් කරන ඔබගේ විඩාව සන්සිදුවා ගැනීම සදහා සිසිල් සුලං රැල්ලක පහස විදිය හැකි මනරම් පරිසරයක් මේ අවට පිහිටා ඇත. මෙම මාර්ගය වැව් බැම්ම මතින් පිහිටා ඇති අතර, කොළඹ සිට අම්පාර, මොණරාගල වැනි ප්‍රදේශ සදහා ගමන් ගන්නා බස්රථ දිවා කාලයේදී ගමන් ගන්නේද මෙම වැව් බැම්ම මතින් ඇති මාර්ගය ඔස්සේ ය.

ජලාශ්‍රයේ පිට වාන

මනා ලෙස වැසි ලැබෙන සමයන්හි මෙහි වාන් දොරටු ඇර දමන අතර, එම කාලයට මෙම වාන් දොරටු ආශ්‍රිතව ඉතා අලංකාර දර්ශනයක් දැකගත හැකි වේ. උඩවලව ජලාශය ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන විශාල ප්‍රජාවක්ද අපට හදුනා ගත හැකි වේ.

වාන් දොරටු වසා දැමීමෙන් පසු මාළු ඇල්ලීමට එක් වූ පිරිසක්

උඩවලව වනෝද්‍යානය මෙම ජලාශය ආශ්‍රිතව පිහිටා ඇත. වනෝද්‍යානයේ එක් පසෙක මායිම වන්නේ මෙම ජලාශයයි. එසේම උඩවලව ඇත් අතුරු සෙවන ද මෙම ජලාශය මායිමේ පිහිටා ඇත. මෙම වනෝද්‍යානය වෙත පිවිසෙන සංචාරකයින්ගේ ගිමන් නිවන නැවතුම්පලක් ලෙස මෙම ජලාශය අවට පරිසරය විශාල දායකත්වයක් ඉටු කරයි. මෙම පරිසරය ඉතා පිරිසිදුව පවත්වා ගැනීම මෙහි පහස ලබන සියළු දෙනාගේම වගකීමක් මෙන්ම යුතුකමක්ද වන්නේය.

නියං බලපෑමට හසු වූ වැව

කදුකර පරිසර දර්ශනය
ගතට ඉතා සෞම්‍ය වූ දේශගුණයක් මෙන්ම අලංකාර කදු වලින් මැදිවූ මීදුම සහිත පරිසරයකින්ද සමන්විත ප්‍රදේශයක් ලෙස සූරියකන්ද, දෙනියාය ආශ්‍රිත බුළුතොට හෙල් අතර වූ පරිසරය හැදින්විය හැකිය. රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටා ඇති මෙම සුන්දර පරිසර පද්ධතිය දිනයේ සෑම කාලයකදීම ගතට සිසිලසක් දනවන ස්වරූපයක් දක්නට ඇත.

මීදුමෙන් වැසීගිය කදු මුදුන්

රක්වාන – සූරියකන්ද හරහා දෙනියාය මාර්ගය මෙම සුන්දර කදු පන්තිය මැදින් දිව යයි. රත්නපුර සිට පැමිණෙන අයකුට රක්වාන පසුකර සුන්දර වංගු 10 පාර හරහා සූරියකන්දටත්, එතැනින් දෙනියායටත් ගමන් කල හැකිය. ඇඹිලිපිටියේ සිට පැමිණෙන්නෙකුට කොලොන්න, බුළුතොට හරහා සූරියකන්ද වෙත ගමන් කල හැකිය.

මාර්ගය දෙපස ඇති සුන්දර සීතල දිය පහරවල්

සුන්දර තේ වතු වලින් හා ප්‍රපාතාකර බෑවුම් සහිත කදු වලින් සමන්විත මෙම මාර්ගය දෙපස ස්වාභාවික කුඩා දිය පහරවල් වලින් ගලායන නොයිදුල් ජලය පරිසරයට එක් කරන්නේ ඉතා මනරම් දර්ශනයකි.

හිමිදිරියේ පාසල් යන ළමුන්

ඉහල කදුකර ප්‍රදේශවල තේ වගාව මූලික කරගත් ආර්ථිකයක් දක්නට ඇති අතර, ප්‍රධාන මාර්ගය දෙපස තේ කර්මාන්ත ශාලා ගනනාවක් දැකිය හැකි වේ. මාර්ගයේ ගමන් කිරීමේදී මෙම නැවුම් තේ සුවද මුසු වූ පිරිසිදු සුලග ආශ්වාදය කිරීමේ හැකියාව මගියාට හිමි වේ. එසේම, මේ තේ වතු ආශ්‍රිතව දිවි ගෙවන සිනාමුදු මුහුනින් පාසල් යන දරු දැරියන්ගේ දර්ශනය පරිසරයට එක් කරන්නේ අමුතුම චමත්කාරයකි.

මාර්ගය අසල පිහිටි තේ කර්මාන්ත ශාලාවක්

මීදුමින් වැසීගිය කදු පන්තිය හා ඒ මතින් ගලා හැලෙන දිය පහරවල් තවමත් නොවැනසුනු පරිසරයේ සුන්දරත්වය අපට පෙන්වයි. ගොන්ගල කදු මත දකුණු පළාත සදහා වූ සම්ප්‍රේෂණ කුළුණු ගනනාවක් ඉදිකර ඇත. මන්ද, ගොන්ගල කදු පන්තිය මතට නැගුනු පුද්ගලයකුට සමස්ථ දකුණු පළාතම ගුවන් ඡායාරූපයක් සේ දැකගත හැකි වේ.

ගොංගල කන්ද ඈතට දිස්වන ආකාරය

මෙම මාර්ගයේ සූරියකන්ද – දෙනියාය අතර ගමන් කරන්නෙකුට ගුවන් ඡායාරූප බදු වූ පරිසර දර්ශනයන් දැකබලා ගැනීමේ භාග්‍ය හිමි වේ. ප්‍රපාතාකර බෑවුම් අතරින් වැටී ඇති මගන් මාර්ගය දෙපස මෙවැනි දර්ශන පහුලව දැකිය හැකි වේ. සූරියකන්ද කදු මුදුනේ පිහිටා ඇති සම්ප්‍රේෂණ කුළුණු වෙත සාමාන්‍ය ජනතාවට ප්‍රවේශ වීමට අවසර නොමැති නමුදු, එම මාර්ගය දිගේ ගමන් කල පසු දකින දර්ශනය ඉතා චමත්කාර වූවකි. වංගු අතරින් තමා පසුකර පැමිණි මාර්ගය දෙස ඉහල සිට බැලීමේදී දර්ශනය වන්නේ ඉතා අලංකාර පරිසරයකි.

සූරියකන්ද සම්ප්‍රේෂණ කුළුණු වෙත වැටී ඇති මාර්ගය

කෙසේ නමුදු මෙම පරිසරයේ මිනිස් පහසකින් නොකිලිටි වූ දිය පහරවල් පවා දක්වට ඇති අතර, එම ජලය ඉතා ශීත හා සෞම්‍ය බවකින් යුක්ත වේ. හිමිදිරි පෙදෙස, සිංහරාජ ආරණ්‍යය වෙත ගමන් ගැනීමේදී මෙම පරිසර පද්ධතියේද පහස විද ගැනීමට මගියෙකුට අවස්ථාව හිමි වේ. සංවර්ධනය සමග විනාශය කරා නොගොස් මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම අප සැමගේම වගකීමකි.

මග දෙපස ඇති තවත් දිය පහරක්

චන්ද්‍රිකා වැව
ඇඹිලිපිටිය ප්‍රදේශය තුළ ඉතා අලංකාර පරිසර පද්ධතියක් සහිත වූ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය පෝෂණය කරන මූලික ජල මූලාශ්‍රය වන්නේ චන්ද්‍රිකා වැවයි. මෙම ප්‍රදේශය හරහා ගමන් කරන සංචාරකයන්ගේ දිය නෑමට සහ විඩාව සංසිදුවා ගැනීම සදහා නතර වන ස්ථානයක් ලෙසත් මෙම වැව හැදින්විය හැකිය. කෘෂිකාර්මික වැවක් වන මෙය පෝෂණය වන්නේ හුලංදා ඔය මගින් ගලා එන ජලයෙන් හා උඩවලව ජලාශයෙන් ඇල මාර්ගයක් ඔස්සේ ගලා එන ජලයෙනි. අක්කර අඩි 22420 ක් පුරා පැතිර ඇති මෙම වැවෙන් පෝෂණය වන ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 165 කි. අක්කර අඩි 13400 ක සක්‍රීය ජල ධාරිතාවයකින් යුතු මෙම වැව හෙක්ටයාර 1802 ක් වගා කිරීම සදහා ජලය සපයනු ලබයි. 1963.12.26 දින මංගල දියවර මුදා හරින ලද මෙම වැව එදා මෙදා තුර ඇඹිලිපිටිය ජනතාවගේ කෘෂි ආර්ථිකය සමග ඇති බැදීම අති මහත් වූවකි.

සංචාරකයින්ගේ ගිමන් විඩාව නිවා ගැනීම සදහා නැවතුම්පලක් ලෙස මෙය ඉතා ජනප්‍රිය වේ.

සිසිල් ජලයේ බැස රිසි සේ ජල ස්නානය කල හැකි නාන තොටුපොලවල් ගනනාවක් මෙම වැව වටා පවතී. ඉතා අලංකාර පරිසරයකින් යුතු මෙම වැව මිරිදිය ධීවර කටයුතු සදහාද භාවිතා කරනු දක්නට ලැබේ.

මත්ස්‍ය වර්ග ගනනාවක් මෙම වැව ආශ්‍රිතව දැකගත හැකිය. මෙම වැව ආශ්‍රිතව කොටු තුළ බෝ කරන මත්‍ස්‍ය කර්මාන්තයක්ද දැකගත හැකි වේ. වැව ආශ්‍රිතව තම ජීවනෝපාය සරි කර ගන්නා අති මහත් පිරිසක් මේ වටා ජීවත් වෙති.

ඇඹිලිපිටියේ සිට නෝනාගම මාර්ගයේ කිලෝ මීටර් කීපයක් ගමන් කිරීමේදී චන්ද්‍රිකා වැවේ සොරොව්ව දැකගත හැකි වේ. මේ අවට නාන තොටුපල ඇති අතර, ඒවා ඇඹිලිපි‍ටිය හරහා සංචාරයේ යෙදෙන්නන්ගේ ඉතා ජනප්‍රිය ගිමන් හරින ස්ථාන වේ. නමුත්, මේ තුළ ඇති වැවේ අභ්‍යන්තර දිය වැල් පිළිබදව අවබෝධයකින් තොරව සහ මත්පැන් භාවිතා කර ජලයට බසින වටිනා ජීවිත රැසක් වර්ෂයක් පාසා අපට අහිමි වීම ශෝකයට කරුණකි.

තවද කොකුන්, දියකාවන් ආදී පක්ෂීන් රාෂියක්ද මේ වැව ආශ්‍රිතව ජීවත් වෙති. ඔවුන් රංචු වශයෙන් මාළු අල්ලන දර්ශනයන් මෙම වැව ආශ්‍රිතව සුලබව දක්නට ලැබෙයි.

හිමිදිරි පෙදෙස
පිවිසුම් මාර්ගයේ පුවරුව

පුංචි හෝටන්තැන්න බදු වූ ඉතා සෞම්‍ය පරිසර පද්ධතියක් ලෙස හිමිදිරි පෙදෙස නම් කල හැකිය. දවසේ සෑම කාලයකම මීදුමෙන් බර වූ හිමිදිරි උදෑසනක ඇති සෞම්‍ය කාලගුණයට සමාන දේශගුණික තත්ත්වයක් ඇති බැවින් මෙම පෙදෙස හිමිදිරි පෙදෙස (Morning Side) ලෙස නම් කරන්නට යෙදුනි. ඉතාමත් දුෂ්කර වූ මාර්ගයක් ඔස්සේ ප්‍රවේශ වීමට සිදුවන මෙම හිමිදිරි පෙදෙස ගත සිත නිවා සනසන කදිම පෙදෙසක් ලෙසට නම් කල හැකි වේ.

සිංහරාජ වනාන්තරයට අයත් රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්‌ත්‍රික්‌කවලට මායිම්ව හෙක්‌ටයාර 11187ක්‌ වැනි භූමි ප්‍රමාණයක පැතිර ඇති මේ අති සුන්දර වන බිම අතීතයේ දී ඉංග්‍රීසි ජාතිකයන් විසින් තේ වගාවට යොදා ගත් අතර, පසුව එනසාල් වගා කර අද වන විට එය ද අතහැර දැමීම නිසා ද්විතීයික වනාන්තර ස්‌වභාවයක්‌ දක්‌නට ලැබේ.

රත්නපුරයේ සිට පැමිනෙන්නේ නම් රත්නපුර  සිට පැල්මඩුල්ලට (19k.m) පැමිණ මාදම්පේ හංදියෙන් හැරී (32k.m) රක්වාන (48k.m) හරහා සූරියකන්ද (65k.m) පසුකල පසු  Morning Side දක්වා හැරෙන ස්ථානයේ නාමපුවරුව (67k.m) දැක ගත හැකියි. මෙම රක්වාන – සූරියකන්ද  A17 මාර්ගය “වංගු දහයේ පාර” ලෙසද හදුන්වනු ලබයි.

මාර්ගය අවට දර්ශනයක්

ඇඹිලිපිටියේ සිට පැමිනෙන්නේ නම්, කෑල්ල, කොලොන්න හරහා (39k.m) සූරියක්නදට පැමිණිය හැකියි. මේ සදහා ප්‍රවේශ වීමට ඇති අවසාන 7 km පමණ වන ප්‍රමාණය ඉතා දුෂ්කර මාර්ගයක් වන අතර, 4WD වාහනයකට හැර වෙනත් වාහනයකට ගමන් කිරීම අපහසු තත්ත්වයක පවතී. මෙම ප්‍රවේශ මාර්ගයේ ගමන් කිරීමේදී ගුවන් ඡායාරූපයක් සේ මුළු දතුණු පළාතම දර්ශනය වේ.

සීතල ජලය සහිත දිය ඇල්ල

කලබලකාරී හා යාන්ත්‍රික පරිසරයෙන් මිදී, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිතට හා ගතට දැනෙන විවේකයක් ගැනීම සදහා මීට වඩා කදිම ස්ථානයක් වෙනත් නැති තරම් වේ. දවස පුරා ඉතා සෞම්‍ය පරිසරයක, සෙල්සියස් අංශක 5 ක තරම් වූ සීතල ජලය පිරි ස්වාභාවික නාන තටාකයක දිය නා ඉතා නිස්කලංක පරිසරයක නිවාඩුවක් ගත කිරීම සදහා හිමිදිරි පෙදෙස කදිම තෝතැන්නකි.

මෙම පරිසරයේ ඇඹුල් පේර ගස් දැකිය හැකි අතර, බඩ කට පුරා ඇඹුල් පේර කෑමට හැකි වේ. එසේම නැවුම් ජලය සහිත ස්වාභාවික ජල පාරවල් වලින් ගහන ප්‍රදේශයක් වන මෙහි දිය නෑම සදහා ඉතා අලංකාර දිය ඇල්ලක් සහිත නාන තටාකයක් බදු ස්ථානයක් පිහිටා ඇත. එසේම, බාදුරා මල් දැකගැනීමේ හැකියාවද මෙම පරිසරයේ පවතී. රතු පැහැති බාදුරා සහ කොල පැහැති බාදුරා යන වර්ග දෙකම මෙම පරිසරයේ දැක ගැනීමට ඇත.

මේ භූමි පෙදෙසේ ඇති විශේෂත්වය වන්නේ සිංහරාජයේ අනෙකුත් වන පෙදෙස්‌වලින් වාර්තා නො වන මේ පෙදෙසින් පමණක්‌ වාර්තා වන ශ්‍රී ලංකාවට ආවේණික කටුසු විශේෂ අටක්‌ වාර්තා වීමය. කරු ගේ අංකටුස්‌සා, පලා කටුස්‌සා, ගරා කටුස්‌සා, කරවල බෝදිලියා, පිහිනුම් කටුස්‌සා යන විශේෂ ඒ අතර වෙයි.

සිංහරාජයේ වෙසෙන අලින් තිදෙනා නිතර ම සැරිසරන්නේ ද හිමිදිරි පෙදෙසහි වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකාවට ආවේණික උභය ජීවීන් රැසක්‌ මේ පෙදෙසින් හමු වෙයි.

ශාක විශේෂ අතර ඉරුරාජ, සඳරාජ, කුඩා හැඩයා, මහා හැඩයා, නිල් බිනර වැනි වටිනා ඖෂධීය ශාක රැසක්‌ ද මේ හිමිදිරි පෙදෙසහි වෙයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බංගලාව

මෙහි ප්‍රවේශ මාර්ගය දිගේ ටික දුරක් ගමන් කල පසු පෞද්ගලික නවාතැන් ස්ථානයක් හමු වේ. හිමිදිරි පෙදෙස තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු බංගලාවක් ඇත. මෙම බංගලාව බත්තරමුල්ලේ සම්පත්පායෙන් කල් වේලා ඇතිව වෙන්කරගත යුතු වේ.

මීදුම සහිත හිමිදිරි පෙදෙස

මේ අවට ඇති ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව සතු ඉඩම් තේ වගාව සදහා යෙදවීම නිසා මෙම පරිසර පද්ධතිය ඉතා ඉක්මනින් විනාශ වීමේ තර්ජනයකට මුහුන දී ඇත. කෙසේ වුවද ජාතික සම්පතක් වන මෙම පරිසර පද්ධතිය රැක ගැනීම සදහා ක්‍රියා කිරීම පරිසර හිතැති අප සැමගේ යුතුකමක් සේම වගකීමක්ද වේ.