උඩවලව වනෝද්‍යානය තුළට පිවිසෙන සංචාරකයෙකුට ප්‍රධාන පිවිසුම තුළින් ඇතුළු වීමෙන් පසුව වනෝද්‍යානය තුළ නැරඹිය හැකි වපසරිය අති මහත්ය. පළමු ලිපිය මගින් උඩවලව වැවෙහි වැව් පිටිය ආශ්‍රිතව හා ඒ අවට සංචාරක තොරතුරු වලින් ඔබ්බට ගමන් කිරීමේදී නැරඹිය හැකි ස්ථාන පිළිබදව තොරතුරු මෙම ලිපිය මගින් ගෙන ඒමට අදහස් කරමි. උඩවලව වැවෙහි වැව් පිටියෙන් ඔබ්බට තැනිතලා බිම හරහා ගමන් කිරීමේදී ඉතා සුන්දර පරිසර පද්ධතියක් දැකගත හැකිය. තැනිතලා තණ බිමෙහි ඉතා ඈතින් තනිව පිහිටා ඇති ...
උඩවලව වනෝද්‍යානය සබරගමුව හා ඌව පළාත් වලින් මායිම් වී ඇති මෙරට තෙවැනි වැඩිම සංචාරක වනෝද්‍යානය ලෙස හදුන්වයි. කොළඹ – ඇඹිලිපිටිය මාර්ගයේ කිලෝ මීටර් 165 ක් ගමන් කර තිබොල්කැටිය උඩවලව හංදියෙන් හැරී වමට හැරී මොණරාගල පාරේ තවත් කිලෝමීටර් 05 ක් පමණ ගමන් කිරීමෙන් මේ උද්‍යානයට ප්‍රවේශ විය හැකිය. වලව ගඟ හා උඩවලව ජලාශ්‍රය ව්‍යාපාරය ඇරඹීමත් සමග 1972 වසරේදී ආරම්භ කල මෙම වනෝද්‍යානය හෙක්ටයාර් 30000 කට වැඩි භූමි ප්‍රමාණයක පැතිරී ඇත. දවසේ ඕනෑම කාලයක අලි ඇතුන් නැරඹිය හැකි ...
ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් සේම ජෛව විවිධත්ව පාරිසරික සම්පතක් වූ වවුල්පන හුණූගල් ගුහාව අපට හිමි මහගු පාරිසරික දායාදයකි. මෙම ස්ථානය මෙරටට ආවේණික වූ වවුලන් වර්ග 7 ක්ද ඇතුලත්ව වවුලන් ලක්ෂ 10 කගේ පමණ වාසස්ථානය වන අතර, මෙම ස්වාභාවික ගුහාව තුළින් දිය පහරක් ගලා යයි. ගුහාව තුළ පිහිටි අභ්‍යන්තර දිය ඇල්ල අපට ඉතාම සුවිශේෂ වූ අත්දැකීමක් ලබා දේ. මෙය සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, කොලොන්න ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ පිහිටා ඇත. රත්නපුර – ...
ගතට ඉතා සෞම්‍ය වූ දේශගුණයක් මෙන්ම අලංකාර කදු වලින් මැදිවූ මීදුම සහිත පරිසරයකින්ද සමන්විත ප්‍රදේශයක් ලෙස සූරියකන්ද, දෙනියාය ආශ්‍රිත බුළුතොට හෙල් අතර වූ පරිසරය හැදින්විය හැකිය. රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටා ඇති මෙම සුන්දර පරිසර පද්ධතිය දිනයේ සෑම කාලයකදීම ගතට සිසිලසක් දනවන ස්වරූපයක් දක්නට ඇත. මීදුමෙන් වැසීගිය කදු මුදුන් රක්වාන – සූරියකන්ද හරහා දෙනියාය මාර්ගය මෙම සුන්දර කදු පන්තිය මැදින් දිව යයි. රත්නපුර ...
පිවිසුම් මාර්ගයේ පුවරුව පුංචි හෝටන්තැන්න බදු වූ ඉතා සෞම්‍ය පරිසර පද්ධතියක් ලෙස හිමිදිරි පෙදෙස නම් කල හැකිය. දවසේ සෑම කාලයකම මීදුමෙන් බර වූ හිමිදිරි උදෑසනක ඇති සෞම්‍ය කාලගුණයට සමාන දේශගුණික තත්ත්වයක් ඇති බැවින් මෙම පෙදෙස හිමිදිරි පෙදෙස (Morning Side) ලෙස නම් කරන්නට යෙදුනි. ඉතාමත් දුෂ්කර වූ මාර්ගයක් ඔස්සේ ප්‍රවේශ වීමට සිදුවන මෙම හිමිදිරි පෙදෙස ගත සිත නිවා සනසන කදිම පෙදෙසක් ලෙසට නම් කල හැකි වේ. සිංහරාජ වනාන්තරයට අයත් රත්නපුර, ගාල්ල සහ මාතර යන ...
වීරසේකර මුදියන්සේලාගේ මඩුවන්වෙල දිසාවේ නම් මහා කළු සිංහලයාගේ සුඛෝපභෝගී දිවි පෙවත ගැන අපට සාධක කියා පාන, අතීත සිංහල ගෘහ නිර්මාණ ශිල්පයේ සුරුවිරුකම් විද්‍යාමාන වන, යුග තුනක් පුරා තම අණසක පැතිරවූ පරපුරකට අයත් වූ, ඉතාමත් පෞඩ ලෙස විරාජමාන වන මන්දිරයක් ලෙස මඩුවන්වෙල වලව්ව හදුන්වාදිය හැකිය. සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, මඩුවන්වෙල ගමේ මෙම මන්දිරය පිහිටා ඇත. ප්‍රධාන පිවිසුම (ගල් උළුවස්ස) ඇඹිලිපිටිය සිට ...